Thursday, February 23, 2012

කවියෙක්

තලා පෙලා
මිරිකා
ඇටයටම
හප වෙන්නට
යුෂ උරා
විසිකර දැමු
ජිවිතය
උහුලා

පිටු පෙරලු
කෙසෙග අතින්
ශීර්ෂය
පිරිමැද
ඔද්දල්
ඔලු ගෙඩියේ
කැකෑරෙන
සියල්ල
එලියට
ඇද දමා

පසෙක
වැතිර හුන්
ස්තිරියාවට
හොරෙන්
තුරුලු කොටගත්
පුල්ස්ටැප් කොල මත
දිගු පේලි
තදබදව
තෙරෙපන විට

ස්තිරියාව
සෙමෙන්
එහෙත් දෘඩව
පවසයි
ලොකු ලිපි එපා
ලියාපන් කෙටියෙන්

ජිවිතය ද
කවි ද
කෙටි වු නිසා
මම
දැන්
කවියෙක්

No comments:

Post a Comment