Wednesday, July 18, 2012

අවතැන් කාන්තාව


රෙපියා හි
සැනසීම සහ සහනය
හිමිනොවු
හිස් කුස අරා
බලහත්කාරීව පිම්‍ෙබන
දරුගැබ

ලිගු 
ලිගු ලිගු
සිංහල පුරුෂ ලිගු
කාකි-කැමා
කලිසම් අස්සේ
දෙමල යෝනි සොයා
දගලන
පුරුෂ ලිගු

රත් වු සිරුරු
දහඩියෙන්
සිසිල් කරගන්නට
වියරුවෙන්
එකා පසුපස එකා
පොරකයි
හපන්නට
තෙරපන්නට
ඇතුල්කරන්නට

පිරිමි
අවයව මදිවට
සීතල
යකඩ බට ද
ඉදහිට ඔබයි
ජී ස්පොටය සොයා
උණ්ඩෙන්
පිරිමදියි
ක්ලිටෝරිසය

ගැහැණු ජීවිතය
වටී
සියුම් 
කන්‍යා පටලයට
හො
පතිවතට පෙර

දනගැස්සවු
මිනිසුන් මත 
ජයග‍්‍රහනයේ සැමරුම්
සිංහ කොඩිය
වෙරෙන් දමා අනියි
පපු කැහුතු
සිදුරු කොට

කටු කම්බි ගැසු
ආගන්තුක
කදවුරු භුමියේ
කර්කෂ වැලි පොලොව
මත
පලල් කෙරු
කකුල් අස්සේ
සව්දිය පුරන
යෝනි කුසලාන මත
වට රවුමේ
ගොස්
හමන කුනු කරවල
ගදට

මගුලට ඉලව්වටත්
ඔ්නෑ අවසර
යන්නට
දොට්ට පහලටත්

නැගිට 
යන්නට කලියෙන්
දියහැකිද 
සහතිකයක්
ඉඩමකට
හෙට දවස ගෙවන්නට
අටව ගන්නට
පැල්පතක්

No comments:

Post a Comment