Monday, February 13, 2012

කොණ්ඩයා

මම දුටුවා
ඌ ,
රූප පෙට්ටියේ ගිලිලා
සම්මානලාභියා
අවශිෂ්ටයකු ලෙස

තවලමෙන්
පක්ෂයේ පිහිටෙන්
මාදිවෙලට
සේන්දු වු
විප්ලවවාදියා

විප්ලවවාදියා
මරාගෙන
කලාකරු
මතුවෙලා

රතු ගිරවා
දුරස්ථකරණ රීතියෙන්
මට
නියවනවා

කොණ්ඩයා
විප්ලවේට
.....චු ....
කරලා

1 comment: